Software නැතුව Wifi Hotspot හදමු......

ඔන්න අද අපි කරන්න යන්නේ software නැතුව WiFi Hotspot එකක් හදන්න.මේක කරන්න ඕනේ වෙන්නේ cmd එක ඒ කියන්නේ Command Prompt එක.මේක ඕපන් කරගන්න ඕනේ administrator විදිහට.එහෙනම් අපි
වැඩේට බහිමු.මුල ඉඳලම කියල දෙන්නම්.මේ විදිහට කරන්න.එයිට කලින් කියන්න දෙයක් තියෙනවා.

    කට්ටිය හිතන්න පුළුවන් softwares තියෙද්දී මේකෙන් ඇති වැඩේ මොකද්ද කියලා.පොඩ්ඩක් හිතන්න,hotspot හදන software එකක් නැති ඔයාගේ යාලුවෙක්ගෙ Computer එකකින් ඔයාගේ Phone ඒකට මොකක් හරි ලොකු ෆයිල් එකක් දාගන්න ඕනේ උනා කියලා.data cable එකකුත් නෑ කියල හිතන්න.එතකොට software download කර කර වද වෙන වෙලාවේ මේ ක්‍රමෙන් hotspot එකක් හදල Wifi file transfer app එකකින් ගොඩක් ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්.ඒ නිසා මෙහෙමත් කරන්න පුළුවන් කියල දැනගෙන ඉන්න එක ගොඩාක් හොඳයි......

දැන් වැඩේට බහිමු..මුලින්ම Start එකේ Search කරන තැන cmd කියල type කරන්න (වින්ඩෝස් 10 අයටනම් Start යන්න ඕනේ නෑ) දැන් Command Prompt කියල එන එක උඩ Right Click කරලා Run As Administrator කියන එක Click කරන්න.


එතකොට මේ විදිහට Command Prompt  එක Open වෙයි.


  දැන් අපි බලමු ඔය පරිගණකයේ මේකට අදාළ  Drivers චෙක් කරලා.ඒකට ඔය ඕපන් උන Command Prompt එකේ netsh wlan show drivers කියල type කරලා enter ඔබන්න.පහත රුපය බලන්න.


මෙහිදී Hosted Network support ඉදිරියේ Yes යනුවෙන් ඇත්නම් ඔබට Wifi Hotspot එකක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා.

දැන් තමයි වැඩේ පටන් ගන්නේ.දැන් netsh wlan set hostednetwork mode=allow ssid=Name key=password
ලෙස type කර enter කරන්න.(Name එකටයි Password එකටයි කැමති එකක් දෙන්න.)
එහෙම කරාම මේ වගේ වෙයි.පහල පින්තුරේ බලන්න


දැන් hotspot එක on කරන්න netsh wlan start hostednetwork ලෙස type කර enter කරන්න.එතකොට The hosted network started කියල වැටෙයි.
පහල රුපයේ (1) අවස්ථාව බලන්න.
දැන් ඔයාට පුළුවන් වෙනත් Device එකකින් අදාළ password එක ගහල මේ network ඒකට connect වෙන්න.


Hotspot එක off කරන්න netsh wlan stop hostednetwork ලෙස type කර enter කරන්න.එතකොට The hosted network stopped කියල වැටෙයි.ඉහල රුපයේ (2) අවස්ථාව බලන්න.

එහෙනම් අදට මන් ගියා.යාලුවන්ටත් බලන්න share කරන්න.Comment එකකුත් දාගෙන යන්න.page ඒකට like කරලා නැත්තම් තාම මෙතනින් ගිහින් like කරන්න.ctrl+D මගින් බ්ලොග් එක Book Mark කරගන්න.සුභ දවසක්..!!
Software නැතුව Wifi Hotspot හදමු...... Software නැතුව Wifi Hotspot හදමු...... Reviewed by RDM Rajapakshe on 9:53:00 AM Rating: 5

No comments:

Powered by Blogger.