Mouse Pointer එක තැබූ පමණින් සිංහල තේරුම දැනගමු.(Chrome සහ Firefox සඳහා)

මේක දැන් ගොඩක් අය දන්නවා.මම ෆේස්බුක් පේජ් එකේ මේ ගැන පොස්ට් එකක් දැම්ම මතකයි ඒ කාලේ.කමක් නෑ ඔන්න මේ ගැන දන්නේ නැති අයට දැන ගන්න ඒ ගැන ආයෙත් කියන්න හිතුවා.ඔයා ළඟ Chrome
හරි Firefox හරි තියෙනවනම් මේක කරන්න පුළුවන්.
    එහෙනම් වැඩේට බහිමු.එයිට කලින් කියන්න දෙයක් තියෙනවා.මේකෙන් තියෙන ප්‍රයෝජනේ කියන්න බැරි උනානේ.අපි මොනවා හරි දැනගන්න ඕනේ උනාම Internet එකෙන් හොයාගන්නවනේ.එවෙත් ගොඩක් දේවල් තියෙන්නේ English වලින්.English හැම වචනයකම අපි තේරුම් දන්නේ නැති නිසා අපි Dic එකක ගහල තේරුම හොයනවා.ඒත් ඒකට ගොඩක් කාලය යනවා.ඒ වගේම ඒක මහා එපාකරපු වැඩක්නේ.ඉතින් අද අපි කරන මේ වැඩෙන් Mouse Pointer එක ඒ වචනේ මත තැබූ විට එහි සිංහල තේරුම බලාගන්න පුළුවන්.

     හරි එහෙනම් දැන් වැඩේට බහිමු.මුලින්ම Google Chrome වලින් වැඩේ කරන්න ගූග්ලේ ක්‍රෝම් නැත්තම් මෙතනින් ගන්න.Firefox වලින් වැඩේ කරනන ෆයර් ෆොක්ස් නැත්තම් මෙතනින් ගන්න.පරණ එකක්නම් තියෙන්නේ වැඩේ හරියන්නේ නැති වෙයි.එනිසා Update කරගන්න.
  • Chrome සඳහා 
දැන් මේ ලින්ක් එකෙන් ගිහින් Install කරගන්න.

  • Firefox සඳහා
මෙතනින් ගන්න.

දැන් වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ආයේ ඕපන් කරලා, ඉංග්‍රීසි වචනයක් මතට මවුස් පොයින්ටර් එක අරන් ගිහින් බලන්නකෝ.

එහෙනම් Share කරගෙන Comment කරගෙන යන්නකෝ.
Mouse Pointer එක තැබූ පමණින් සිංහල තේරුම දැනගමු.(Chrome සහ Firefox සඳහා) Mouse Pointer එක තැබූ පමණින් සිංහල තේරුම දැනගමු.(Chrome සහ Firefox සඳහා) Reviewed by RDM Rajapakshe on 3:49:00 PM Rating: 5

No comments:

Powered by Blogger.