ඕනෑම ඇන්ඩ්රෝයිඩ් දුරකතනයකින් Heart Rate එක මනිමු - How to Measure Heart Rate on any android Device

ඔන්න ගොඩ කාලෙකට අලුත් පොස්ට් එකක් ගෙනාවා. මේක ඇත්තටම මටත් මුලදී විශ්වාස කරන්න බැරි උනා. Heart Rate Sensor එකක් නැතුව කොහොමද අමෙ වැඩේ කරන්නේ කියලා. මේ වගේ දේවල් වලට ගොඩක් Prank Softwares තියෙනවනේ. කොහොම හරි මම මේක Samsung Galaxy Note 5 Phone එකක Heart Rate Sensor එකත් එක්ක එකට තියාගෙන ටෙස්ට් කරලා බැලුවා. 
හැමතිස්සෙම වගේ ඒ දෙක සමානව තමයි තිබුනේ. මේ ගැන ඉදිරියේදී යුටියුබ් චැනල් එකේ වීඩියෝ එකක් ගේන්නම්. 

හරි දෙන අපි බලමු මේක කොහොමද කරන්නේ කියල. මෙතනින් ගිහින් මේ App එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඕක ඕපන් කරාම අපේ කැමරා එකට ඇක්සස් ඉල්ලනවා.එක Allow කරන්න. 


මේකේ මැද රවුම ටැප් කරාම flasher light එක නිවී නිවී පත්තු වෙනවා. එතකොට අපේ ඇඟිල්ල කැමරා එක වැහෙන්න තියන්න ඕනේ. එතොට මැද තියෙන heart ලකුණ රතු පාට වෙනවා. ඒ කියන්නේ flasher එක ඇඟිල්ල ට වැටිලා කැමරා එකෙන් එක detect කරනවා. හිතාගන්නවත් බැරි පුදුම වැඩක් ඒක.. කරලා බලපු නිසයි මෙච්චර විශ්වසෙන් කියන්නේ. ටික වෙලාවකින් ඔයාට ඔයාගේ Heart Rate එක බලාගන්න පුළුවන්.

මම මේක Note 5 දුරකථනයේ heart rate sensor එකත් එක්ක එක වරම පුද්ගලයන් කීපදෙනෙක් සමගත්, හුස්ම ගන්න වේගය වැඩි කරද අත්හදා බැලුවා. හරියටම ඒ දෙකේ අගයන් ආසන්නවම ආව හැම වතාවකම..
ඔයාලත් එහෙනම් අත්හදා බලන්න මේක. මේකට flasher එක සහ කැමරා එක එක ළඟ තිබේ නම් වඩා සුදුසුයි.

එහෙනම් අදට ගියා.. වැඩේ කරලා බලලා සුපිරියි නම් විතරක් යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න..  ජය වේවා!

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
ඕනෑම ඇන්ඩ්රෝයිඩ් දුරකතනයකින් Heart Rate එක මනිමු - How to Measure Heart Rate on any android Device ඕනෑම ඇන්ඩ්රෝයිඩ් දුරකතනයකින් Heart Rate එක මනිමු - How to Measure Heart Rate on any android Device Reviewed by RDM Rajapakshe on 7:19:00 PM Rating: 5

No comments:

Powered by Blogger.