RDM Day Calculator

ඔන්න අදත් ගෙනාව මම හදපු ඇප්ලිකේෂන් එකක්.මේක හදන්න මුලික උනේ මෙන්න මේ සිද්ධියයි.40 ස් දෙනෙක්ගේ විතර එදා දිනට වයස හොයන්ඩ ඕනේ උනා පොඩි වැඩකට.ඉතින් ඔය දින ගණන් අඩු කරද්දී නිකන් අඩු කරනවා වගේ කරන්ඩ බෑ නේ.දින
පැත්තට මාසයක් ගේද්දී දින 31 ක් එකතු වෙන්ඩ ඕනේ.අවුරුදු වලින් මාස පැත්තට එකක් ගේද්දී මාස 12ක් එකතු වෙන්ඩ ඕනේ.

මේවා නිකන් Calculator එකෙන් අඩු කරත් ගොඩක් වෙලා යනවා.ඒ හින්ද පටස් ගාල VB open කරගෙන ලියුවා ඇප්ලිකේෂන් එකක්.ඕන වැඩේ ඉක්මනට ඉවර කරලා හදපු ඇප්ලිකේෂන් එක තවත් වැඩිදියුණු කරා.
      දැන් ඒක ඔයාලටත් දෙන්නයි යන්නේ.මේක 770 KB විතර තියෙන්නේ.මේකෙන් පුළුවන් ඔයාගේ වයස අද දිනට කීයද කියල බලන්න.අද දිනේට විතරක් නෙවෙයි ඕනෙම දවසකට ඔයාගේ වයස බලාගන්න පුළුවන්.වයස විතරක් නෙවෙයි ඔයා වැඩකරන තැන service එක කොච්චරද කියල බලන්න පුළුවන්.
ඒ කියන්නේ මේකෙන් ඕනෙම දින දෙකක් අතර අන්තරයක් ලබා ගන්න පුළුවන්.

      එහෙනම් මෙතනින් Download කරගන්න.extract password එක cosoblog.බලන්නකෝ පහල තියෙන ස්ක්‍රීන් ෂොට් එක.


එහෙනම් මම අදට යනවා.යාලුවන්ටත් බලන්න share කරගෙන යන්න.Comment එකක් එහෙමත් දාගෙන යන්ඩ......................

RDM Day Calculator RDM Day Calculator Reviewed by RDM Rajapakshe on 9:38:00 AM Rating: 5

1 comment:

Powered by Blogger.