RDM SLT Usage Meter

ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම හදපු තවත් සොෆ්ට්වෙයාර් එකක් අරන් ආවා. මේක මුලින්ම හැදුවේ මගේ අවශ්‍යතාවය මත. ඒ කිව්වේ මට ඕන උනා Desktop Gadget
එකක් හදන්න. මොකද SLT එකෙන් දීලා තිබුන usage meter web page එක පාවිච්චි කරන්න අපහසු නිසා. ඒ සැරෙන් සැරේ Refresh නොකලොත් නැවත නැවත log වීමට සිදු වීම වගේ කරුණු. 
ඒ නිසාම මට ඕන උන නිසා සරල විදිහට හදාගෙන පාවිච්චි කරා. ඉතින් මට හිතුනා මම කාපු මෙ කට්ට අනිත් අයත් කනවනේ කියලා තවත් වැඩි දියුණු කරලා ඔයාලට දෙන්න. 
අන්තිමටම හදල ඔයාලට දෙන්න කියල හදපු දවසෙම පැය කීපයකින් SLT usage meter එක Update කරලා තිබුනා. ඒ නිසා මට එදාට ඔයාලට මේක දෙන්න බැරි උනා. කොහොමෙන් කොහොම හරි ඔන්න අලුත් usage meter එකේ විශේෂාංගත් එක්ක මට පුළුවන් උනා මේක හදල ඉවර කරන්න.

ඒ වගේම Updates check කරන්න කොටසක් එහෙමත් මේකට එක් කරලා තියෙනවා ඔයාලගේ පහසුවට.




ඔයාලට මේක මෙතනින් භාගත කරගත හැක. 
(Version 3.1 - 24.10.2018)

මගේ මෙතෙක් ඇති සියලුම මෘදුකාංග ඔයාලට සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිත කිරීමට තමයි මම ලබා දුන්නේ. නමුත් මෙම මෘදුකාංගය සඳහා Rs.200 පමණ සුළු මුදලකට ශ්‍රී ලාංකීය ඔයාලට දෙන්න හිතුවා. මෙම මුදල් තවත් ඉදිරියට මෙම මෘදුකාංගය යාවත්කාලින කටයුතු වලට යෙදවිමටයි මගේ අරමුණ.

ඉහත link එකෙන් ගොස් ඔබට මෙහි trial සංස්කරණය භාගත කරගෙන විනාඩි 2ක කාලයක් තුල භාවිත කල හැක. ඉන්පසු  ෆේස්බුක් පිටුවට හරහා හෝ මාව සම්බන්ද කරගෙන මෙම මෘදුකාංගය සඳහා ඔබට මුදල් ගෙවන ආකාරය පිළිබඳව විස්තර ලබා ගත හැක (Phone Card මගින්ද ගෙවීම කල හැක). ඔයාලගේ අදහසුත් අනිවාරයෙන් කියන්න. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මේක සාර්ථක කරගන්න.

Activate කරගන්නා ආකාරය

සාමාන්‍ය පරිදි Usage Meter එකට ලොග් වී පහත රුපයේ පරිදි දකුණුපස පහල කෙලවරේ ඇති activate යන්න click කරන්න.


එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ඕපන් වෙයි.


ඔබ ළඟ මෙ වන විට Activation code එකක් නැති නම් Get Activation code යන්න ක්ලික් කර සුළු මුදල් ගෙවා ලබාගෙන මෙම ස්ථාන වලට ඇතුලත් කර Activate බට්න් එක click කර අපේ FB පිටුව හා සම්බන්ධ වීමෙන් ඒ පිළිබඳව දැනගත හැක.. 

අවසාන වශයෙන් කියන්න ඕනේ මේ මෘදුකාංගය මගින් ඔබේ SLT username, password පිටතට යාමක් සිදු වෙන්නේ නෑ. SLT විසින් සපයන usage meter web page එකට පමණයි මේක සම්බන්ධ වන්නේ. 

Pro version එකට update කරගත්ත  ඔයාලට පුළුවන් මේ හරහාම update කරගන්න. software එක ක්‍රියා නොකරන අවස්ථා තිබුනොත් updates check කරලා බලන්න.


එහෙනම් යාලුවන්ටත් බලන්න share කරගෙන යන්න. ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. අනිවාරයෙන් මේක පාවිච්චි කරලා බලලා ෆේස්බුක් page එකට මැසේජ් එකක් දාන්න හොඳ නරක ගැන. මේ පිලිබඳ සම්පුර්ණ විස්තර සහිත වීඩියෝවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
සූභ දවසක්!

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

RDM SLT Usage Meter RDM SLT Usage Meter Reviewed by RDM Rajapakshe on 11:50:00 PM Rating: 5

9 comments:

  1. Do you save the login details ?

    ReplyDelete
  2. මේ ක SLT මීටරෙත් එක්ක මැච් වෙනවාද? SLT මිටරය වැඩියෙන් නේද යන්නෙ 25% - 40% විතර

    ReplyDelete
  3. @Agith
    ඔව් එහෙම bug එකක් තිබ්බා.. ඒක දැන් Fix කරා.. ස්තුතියි ඔබේ දැනුම්දීමට.

    ReplyDelete
  4. Milhan
    නැත.. ඔබේ පහසුව සඳහා මෘදුකාංගයේ තුල ඔබේ ප්‍රවේශ දත්ත Save කරගත හැකි අතර ඔබේ ප්‍රවේශ දත්ත ඉන් පිටතට යාමක් සිදු නොවේ.. ස්තුතියි

    ReplyDelete
  5. Aruna Telshan උබ මාර පොරක්නේ බන් සොෆ්ට්වෙයාර් ඒක හදපු කෙනාගෙන් ක්‍රැක් ඉල්ලන්නේ 😆😆😆😂😂😂😂

    ReplyDelete

Powered by Blogger.