Python Sinhalen | පයිතන් සිංහලෙන් #4 - Python Tuple

අදත් ආවා A/L ICT අත්වැලත් අරගෙන. Python Sinhalen ඉගෙන ගැනීමට ඔබ මෙම පාඩම් මාලාවේ මුල සිට කියවන්න. ඒ වගේම මේ කියලා තියෙන දේවල් Python Shell එකේ ප්‍රයෝගිකව අත් හදා බලමින් ඉදිරියට යන්න.
එතකොට ඔයාලට මේ කියලා තියෙන දේවල් හොඳට තේරෙයි.එහෙනම් අපි අදට නියමිත පාඩම ගැන බලමු. අද තියෙන්නේ Python variable යටතේ කතා කෙරෙන Tuple variable එක පිළිබඳව. අපි එකින් එක බලමු,


Tuple එකක් නිරුපනය කරන්නේ සාමාන්‍ය වරහන් දෙකකින් ( )

Tuple එකක් සෑදීම

උදා:- tup1 = ('physics', 'chemistry', 1997, 2000)

         අපි මෙතන tup1 කියලා variable එකක් හදා ගත්තා. ඒක tuple එකක් වෙන්නේ ( ) සාමාන්‍ය වරහන් ඇතුලේ දත්ත ලබා ඩි ඇති නිසයි.

Tuple එකක දත්ත කියවීම

මේක අපිට list වලදී කරා වගේම පහසුවෙන් කරන්න පුළුවන්

print(tup1[index])

index එක list වලදී වගේම ලබා ගන්න පුළුවන්. ඔයාට ඕන index එක දීල අදාළ දත්තය print කරගන්න පුළුවන්.

L = ('spam', 'Spam', 'SPAM!')

Python ExpressionResultsDescription
L[2]'SPAM!'Offsets start at zero
L[-2]'Spam'Negative: count from the right
L[1:]['Spam', 'SPAM!']Slicing fetches sections

Updating Tuples | යාවත්කාලින කිරීම

     මෙන්න මෙතැනදී තමයි Tuple සහ list අතර පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. list වල දත්ත යාවත්කාලින කරා ඔයාලට මතක ඇති. ඒත් Tuple වලදී අපිට දත්ත යාවත්කාලින කිරීමට අවස්ථාව ලැබෙන්නේ නෑ.

Delete Tuple Elements | මුලාංග මැකීම

    list සහ tuple වල ඊළඟ වෙනස තමයි මේ.ඒ කියන්නේ tuple වල දත්ත මැකීමට අවසර ලැබෙන්නේ නෑ.

නමුත් අපිට මුළු tuple එකම මැකීමට හැකියාව තියෙනවා.

del tup1   මගින් පුළුවන් සම්පුර්ණයෙන්ම tuple එක මකන්න.

Basic Tuples Operations 

Python ExpressionResultsDescription
len((1, 2, 3))3Length
(1, 2, 3) + (4, 5, 6)(1, 2, 3, 4, 5, 6)Concatenation
('Hi!',) * 4('Hi!', 'Hi!', 'Hi!', 'Hi!')Repetition
3 in (1, 2, 3)TrueMembership
for x in (1, 2, 3): print x,1 2 3Iteration

Built-in Tuple Functions

SNFunction with Description
1
Compares elements of both tuples.
2
Gives the total length of the tuple.
3
Returns item from the tuple with max value.
4
Returns item from the tuple with min value.
5
Converts a list into tuple.
Comment එකක් දාගෙන යන්න මේ ගැන. එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
python tuple in sinhala, python sinhalen , a/l ict sinhala, a/l python sinhala
Python Sinhalen | පයිතන් සිංහලෙන් #4 - Python Tuple Python Sinhalen | පයිතන් සිංහලෙන් #4 - Python Tuple Reviewed by RDM Rajapakshe on 10:03:00 AM Rating: 5

No comments:

Powered by Blogger.