Black & White පින්තූර වලට පාට දෙමු | Automatically Colorize Black and White Photos

ඔන්න වෙලාවක් ලැබුන විදිහට අද ඔයාලට යමක් දෙන්න ආවා. අද දෙන්න යන්නේ කළු සුදු පින්තූර වර්ණවත් කර දෙන Online tool එකක්. ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ, ආච්චිලගේ සියලාගේ එහෙම ඇති පරණ ගත්ත ගොඩක් වටින මතකයන්
මුසු උන කළු සුදු පින්තූර. ඉතින් මේ පින්තූර වර්ණ ගැන්වීමට හැකිනම් කොච්චර දෙයක්ද. සාමාන්‍යයෙන් එවැනි දෙයක් කිරීමට නම් Photoshop වගේ මෘදුකාංගයකින් Open කරගෙන අදාළ පෙදෙස් Select කරගෙන වර්ණ ගැන්විය යුතුයි. මේ ආකාරයෙන් වර්ණ ගැන්වීමේදී පින්තුයට හානියක් සිදු නොවෙන ලෙස කිරීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ පිළිබඳව මනා දැනුමක් අවශ්‍ය වෙනවා. 

ඉතින් මේ වැඩේ ලේසියෙන් කරගන්න මට online tool එකක් හම්බුනා. මේක පාවිච්චි කරලා ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. 
මේක හදලා තියෙන්නේ AI (Artificial intelligence) තාක්‍ෂණයත් මුසු කරගෙනයි.

මම ගොඩක් Photos මේකෙන් test කරලා බැලුවා. මට සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් උනා. මෙතනින් ගිහින් ඔයත් අත්හදා බලන්න.

ඔන්න මම ඔයාලට තාක්‍ෂණික ගැටළු සාකච්ඡා කරලා විසඳා ගන්න Forum එකක් හැදුවා. මෙතනින් ගිහින් ඔයත් සම්බන්ද වෙන්න.
වැදගත් කියලා හිතෙනවනම් Share කරගෙන යන්න. comment එකකුත් දාගෙන යන්න. එහෙනම් මම අදට ගියා. තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Forum එක හා සම්බන්ද වී ඔබේ ගැටළු වලට විසඳුම් ලබාගන්න - CS IT Forum
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Black & White පින්තූර වලට පාට දෙමු | Automatically Colorize Black and White Photos Black & White පින්තූර වලට පාට දෙමු | Automatically Colorize Black and White Photos Reviewed by RDM Rajapakshe on 7:28:00 PM Rating: 5

1 comment:

  1. හොද දැනුවත්කිරීමක්. මමත් පරණ ෆොටෝ කීපයක් කරලා බැලුවා. වරදක්ම නැහැ.

    ReplyDelete

Powered by Blogger.