සිංහල DJ මෘදුකාංගය (Live DJ සිංහල බෙටා 1.1)

LiveDJ සිංහල කියන්නේ මුලින්ම ලංකාවේ හදපු ඩී.ජේ ප්ලේයර් එක. මේ තියෙන්නේ එකේ 1.1 වැනි සංස්කරණය.ඒ වගේම මෙය පොර්ටබල් මෘදුකාංගයක්.ඒ කියන්නේ install නොකර Double click කිරීමෙන් විවෘත කර
ගැනීමට හැකියි.මේක තාම පරික්ෂා කරමින් ඇති නිසා ලබා දී ඇත්තේ බෙටා සන්ස්කරණයයි.

අපි දැන් බලමු මේකේ තියෙන විශේෂාංග මොනවද කියලා.

  •  තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
  •  මුලික නාද සමානකරණය.
  •  සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
  •  තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
  •  සිංදුවල තාල පාලනය.
  •  මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
  •  හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
  •  තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
  •  ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.
තවත් වැදගත් කරුණක් වෙන්නේ මේක 1.5 MB පමණ ඉතා කුඩා Application Software එකක් වීමයි.
එහෙනම් ඔබත් මෙය බාගත කරගෙන බලන්න.
එහෙනම් මම අදට යනවා.මෙම මෘදුකාංගයේ සම්පුර්ණ අයිතිය නිර්මාණ කරු සතුයි.යාලුවන්ටත් බලන්න share කරගෙන යන්න.Comment එකකුත් දාගෙන යන්න.අපේ ෆේස්බුක් පිටුවට like කරලා නැත්තම් like එකකුත් ගෙන යන්න.සුභ සන්ද්‍යාවක් වේවා!!

සිංහල DJ මෘදුකාංගය (Live DJ සිංහල බෙටා 1.1) සිංහල DJ මෘදුකාංගය (Live DJ සිංහල බෙටා 1.1) Reviewed by RDM Rajapakshe on 4:59:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.