Python Sinhalen | පයිතන් සිංහලෙන් - #2 List භාවිතය

අද Python පාඩමෙන් අපි කතා කරන්න යන්නේ List එකක් හදලා ඒ සමග කටයුතු කරන ආකාරයයි. ගිය පාඩමින් අපි variable කීපයක් ගැන කතා කරා. මෙතනින් #1 පාඩම බලන්න. එහෙනම් කෙලින්ම අපේ අද පාඩමට යොමු වෙමු.


Python Lists

ලිස්ට් එකක් කියන්නෙත් අපිට දත්ත ගබඩා කරලා තියන්න පුළුවන් වෙරියබල් වර්ගයක්. මෙහි විශේෂත්වය තමයි එක වර දත්ත කීපයක් මේ වෙරියබල් එකට ලබා දීමට හැකි වීම.ඒ වගේම index එකෙන් අවශ්‍ය දත්තය එලියට ගන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් බලමු. 

List1 = [12, 34.5 , "kamal"]

මේ විදිහට තමයි අපි ලිස්ට් එකක් හදන්නේ. ලිස්ට් එකේ දත්ත වලට ඔයාලට ඕනෑම Type එකක දත්ත ඇතුල් කරන්න පුළුවන්. මෙහි List1 කියන වෙරියබල් එකේ type එක list වෙන්නේ [] කොටු වරහන් භාවිත කළ නිසයි.

දැන් අපි බලමු කොහොමද මේ දත්ත අපට ඕනේ විදිහට එලියට ගන්නේ කියලා. ඒකට තමයි index එක පාවිච්චි කරන්නේ.
index එක කියන්නේ මොකද්ද කියල මේ පහල පින්තුරෙන් පැහැදිලි වෙයි.


මේ විදිහට list එකකදී අපේ සියලු දත්ත පිලිවෙලින් 0 සිට ඉදිරියට අංක වෙනවා. අන්න ඒක තමයි index එක කියන්නේ සරලවම.

එක් දත්තයක් print කර ගැනීම
දැන් මට 34.5 කියන එක Print කරගන්න ඕනේ නම් මේ විදිහට කරන්න පුළුවන්.

print(List1[1])      

රතුපාටින් තියෙන තැනට දත්තයේ index එක දුන්නම අපිට අවශ්‍ය දත්තය ලබා ගන්න පුළුවන්.


දත්ත පරාසයක් print කර ගැනීම

print(List1[0:3])

අපි බලමු මේකේ Output එක කොහොමද කියලා

[12, 34.5]

     0 ලබා දුන් නිසා පළමු දත්තයේ සිට 3 ලබා දුන් නිසා තෙවන දත්තය දක්වා print වේ. තෙවන දත්තය දක්වා නිසා තෙවන දත්තය print නොවේ.

දැන් අපි හිතමු අපිට දෙවන දත්තයේ සිට අවසානය දක්වා print කරගන්න ඕනේ කියලා

print(List1[1:])

List එකේ දත්ත යාවත්කාලින කිරීම. (Updating List)
   අපි හිතමු මෙහි පළමු දත්තය (12) , 12.7 ලෙස Update කරන්න ඕනේ කියලා. හරිම ලේසියි
List1[0] = 12.7

List එකේ දත්ත මැකීම (Delete List Elements)


අපි හිතමු දෙවැනි දත්තය මකන්න ඕනේ කියලා.දෙවන දත්තයේ index no - 1
del List1[1]


Basic List Operations

Python ExpressionResultsDescription
len([1, 2, 3])3Length
[1, 2, 3] + [4, 5, 6][1, 2, 3, 4, 5, 6]Concatenation
['Hi!'] * 4['Hi!', 'Hi!', 'Hi!', 'Hi!']Repetition
3 in [1, 2, 3]TrueMembership

පයිතන් List වල Functions සහ Methods:
functions
SNFunction with Description
1
Compares elements of both lists.
2
Gives the total length of the list.
3
Returns item from the list with max value.
4
Returns item from the list with min value.
5
Converts a tuple into list.
methods
SNMethods with Description
1
Appends object obj to list
2
Returns count of how many times obj occurs in list
3
Appends the contents of seq to list
4
Returns the lowest index in list that obj appears
5
Inserts object obj into list at offset index
6
Removes and returns last object or obj from list
7
Removes object obj from list
8
Reverses objects of list in place
9
Sorts objects of list, use compare func if given

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Forum එක හා සම්බන්ද වී ඔබේ ගැටළු වලට විසඳුම් ලබාගන්න - CS IT Forum
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න
Python Sinhalen | පයිතන් සිංහලෙන් - #2 List භාවිතය Python Sinhalen | පයිතන් සිංහලෙන් - #2  List භාවිතය Reviewed by RDM Rajapakshe on 7:30:00 PM Rating: 5

No comments:

Powered by Blogger.