Photo එකක් ඇතුලේ files හංගමු....

ඔන්න අදත් ආවා පොඩි වැඩක් අරගෙන.අද අපි කරන්න යන්නේ අපිට වැදගත් වෙන files වෙනත් අයට හොරෙන් හංගලා තියාගන්න විදිහ.මේකෙන් කරන්නේ අපේ files, Photo එකක් ඇතුලේ හංගන එක.මේක කරන්න අපිට අවශ්‍ය
වෙනවා Win RAR Software එක.මේක ඉතින් ඔයාල ගොඩක්දෙනෙක් ළඟ තියෙනවනේ.නැති කට්ටියත් ඇති.
ඒ අය මෙතනින් [ 32bit :  64bit ] Download කරගෙන Install කරගන්න.එහෙනම් වැඩේට බහිමු.මන් කරන්න ඕන පිළිවෙලට කියලා දෙන්නම්.ඒ විදිහට කරන්න.
අපි ඉස්සල්ලාම වැඩේ ලේසි කරගන්න අපිට හංගන්න ඕන files ටික folder එක පිටින්ම Cut and Past කරගන්න ඕනේ අපේ Computer එකේ කැමති drive එකකට.මම E drive එක තෝරාගන්නවා.ඒ වගේම මම ඒක ඇතුලේ Sub folder කියලා ෆෝල්ඩර් එකකුත් හදා ගන්නවා මගේ E එකෙත් files පිරිලා තියෙන නිසා.)

  • ඊටපස්සේ අපේ හංගන files තියෙන folder එක files කියලා Rename කරගන්නවා.
  • දැන් මම එතනටම Photo එකක් (.jpg /.png /.gif.....) copy past කරගන්නවා.එතකොට තියෙන්නේ මෙහෙමයි...

  • දැන් files කියන folder එක මත Right Click කරලා Ad to archive...  කියන එක click කරන්න.(මේක කරන්නනම් අපි Win RAR Install කරලා තියෙන්න ඕනේ)
  • දැන් ඔයාලට පුළුවන් මේකට Password එකක් එහෙම දාලා .rar file එකක් හදාගන්න.(password නොදැම්මත් කමක් නෑ.ඒත් දාන එක හොඳයි) දැන් තියෙන්නේ මෙහෙමයි

අලුතෙන් .rar file එකක් ඇවිල්ලා ඇති.
  • දැන් තියෙන්නේ Coding ටික.ඒකට cmd එක Open කරගන්න ඕනේ.(windows key + R මගින් Run එක ඕපන් කරගෙන එකේ cmd ලෙස type කර OK කරන්න.)
  • cmd එකේ මුලින්ම ඔයා තෝරගත්ත drive එකේ නම මේ විදිහට type කරලා enter කරන්න. E:
  • මම ඒක ඇතුලෙත් Sub folder කියල folder එකක් හදපු නිසා cd Sub folder කියලා type කරලා enter කරනවා.ඔයාල එහෙම හැදුවේ නැත්තම් ඕනේ නෑ.
  • ඊ ලඟට මේ විදිහට type කරලා enter කරන්න. copy/b  ෆොටෝ_එකේ_නම.jpg + rar එකේ_නම.rar ඔයාට_කැමති_නමක්.jpg 
උදා: මගේ එකට අනුව copy/b 48350.jpg + files.rar image.jpg  සැ:යු: මෙතන .ipg ලෙස දෙන්නේ අපේ ෆොටෝ එකේ දැනට තියෙන format එකයි.ඔයාට මේ සඳහා png /gif .... ආදී ෆොටෝ උනත් පාවිච්චි කරන්න පුළුවන්.

වැඩේ හරියට කරානම් මේ වගේ අලුත් file එකක් හැදිලා තියෙයි.
දැන් ඒක open කරලා බලන්න සාමාන්‍ය image එකක් විදිහට open වෙයි.ඔයාට බලාගන්න පුළුවන් කලින් image එකේ size එකට වඩා දැන් හැදුන image එකේ size එක වැඩි වෙලා තියෙනවා.
ඉතින් මේ විදිහට කරාම කාටවත් මේක ඇතුලේ තියෙන files ටික හොයාගන්න බැරි වෙයි.
දැන් ඉතින් තියෙන්නේ ඔය file එක විතරක් ඉතුරු කරලා අනෙක් ඒවා Shift + Delete ගහලා එක පාරම මකලා දාන එක.ඕනෙනම් ඔයාලට Recover කරන්න බැරි වෙන්න Eraser software එකෙන් මකන්නත් පුළුවන්.

දැන් තියෙන්නේ අපේ files අපිට ඕනේ වෙලාවට බලන්නේ කොහොමද කියල කියන්න.ඒක හරිම ලේසියි.අපි හදාගත්ත file එක මත Right Click කරලා Open with > Win RAR archiver දෙන්න විතරයි තියෙන්නේ.ඒත් files open කරන්න නම් අපි rar එක හදද්දී දුන්න password එක දෙන්න ඕනේ.එතකොට ඔයාට තේරෙනවනේ මම password එකක් දෙන එක හොඳයි කිව්වේ මොකද කියලා.

හරි මේ ගැන මොනවා හරි ගැටළු තියෙනවනම් Comment කරන්න.Share පාරක් දීලා Sup එකක් දෙන්න.එහෙනම් මම අදට සමු ගන්නවා.තවත් ලිපියකින් හමු වෙමු. 

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Photo එකක් ඇතුලේ files හංගමු.... Photo එකක් ඇතුලේ files හංගමු.... Reviewed by RDM Rajapakshe on 10:21:00 AM Rating: 5

1 comment:

  1. ayya oya kiwwa wedihata file aka hadanawa ath aka open karanna ba win rar akan open karaddi unknown format or damage kiyala anawa

    ReplyDelete

Powered by Blogger.