Delete/Rename කරන්න බැරි Folders හදමු....

 ඔන්න අද කියල දෙන්න යන්නේ Delete කරන්නත් Rename කරන්නත් බැරි වෙන්න Folder හදන්නේ කොහොමද කියන එක.මෙම ක්‍රමයේදී භාවිත වන මුලික සංකල්පත් මම ඔයාලට කියල දෙනවා.වැඩක් කරද්දී
හරියටම කරන්න ඕනෙනේ.

මෙහිදී භාවිත වෙන මුලික සංකල්පය තමයි  Windows වලදී භාවිත කර ඇති ප්‍රධාන නම් විචල්‍ය නම් ලෙස භාවිත කිරීමට අවසර ලබා නොදීම.

උදාහරණයක් විදිහට මෙහෙම කරමු.ඔයාල මේ නම් වලින් කැමති එකක් දාල කොතන හරි folder එකක් හදන්නකෝ. lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8, lpt9. con, aux

            මන් හිතන්නේ ඔයාලට මේ නමින් Folder එකක් හදන්න බැරි වෙන්න ඇති.මේ ප්‍රතිඵලය ගත්තාම එකෙන් කියවෙන්නේ සාදා ගත් ෆෝල්ඩරය ඉහත නම් වලින් නම් කිරීමට වින්ඩෝස් තුලදී අවසර නෑ යන්නයි.ඒ වගේම මේ නමින් folder එකක් හදාගත්තොත් එකේ නම වෙනස් කරන්නත් Delete කරන්නත් අවසර ලැබෙන් නෑ.මේක තමයි මේ ක්‍රමේදී භාවිත වෙන  මුලික සංකල්පය.
ඉතින් අපි කොහොමද ඔය නම් වලින් folder හදාගන්නේ ??

           ඒකට විසඳුම වින්ඩෝස් ඇතුලෙම තියෙනවා.අද භාවිත වෙන වින්ඩෝස් , DOS Operating System එකේ පරිනාමයක් නිසා එහි භාවිත කල විධාන අපිට දැනුත් පාවිච්චි කරන්න පුළුවන්.දැන් DOS අපි ළඟ ඉන්නේ Command Prompt එක හැටියටනේ.එහෙනම් දැන් තමයි වැඩේ පටන් ගන්නේ.පහත පියවර අනුගමනය කරන්න වැඩේ ගොඩක් ලේසියි.


  • මුලින්ම අපි Command Prompt (cmd) එක Open කරගන්න ඕනේ.ඒකට Start > Run  ගොස් cmd ලෙස type කර enter කරන්න.නැතිනම් Winkey+R මගින් Run වින්ඩෝව විවෘත කරගෙන එහි cmd ලෙස type කර Ok කරන්න.


  • දැන් ඔබ folder එක සාදාගැනීමට නියමිත drive එක(C හැර D, E, F..යන ඒවා) මේ විදිහට type කර enter කරන්න <Drive-name>:  (ex:-    D:  )   [C Drive එක යොදා ගන්න බෑ.මොකද ඒකේ ඔයාගේ OS එක තිබෙන නිසා]


උදා:- මම folder එක හදන්නේ මගේ D drive එකේ.ඒ නිසා මම D: කියල type කරලා Enter කරනවා.
පහල Screen Shot එක බලන්න.


  • දැන් අපි එම drive එකේ අර ඉහත නම් වලින් එකක් දාල Folder එකක් හදන්නයි යන්නේ.ඒකට md lpt1\  කියල type කරලා enter කරන්න.(lpt1 වෙනුවට ඉහත සඳහන් කල නම් වලින් කැමති එකක් යෙදිය හැක)

දැන් ඔයා කලින් දුන්න drive ඒකට ගිහින් බලන්න එතන මේ නමින් folder එකක් හැදිලා ඇති.එක Rename/Delete කරන්න බලන්නකෝ.සාමාන්‍ය විදිහට ඒකට මොකුත් කරන්න බැරි වෙයි.
එහෙනම් ඔන්න Rename/Delete කරන්න බැරි folder එකක් හදාගෙන ඉවරයි.
Delete කරද්දී මේ වගේ msg box එකක් එනවා....
Rename කරද්දීත් එහෙමයි.
මේක Delete කරන්න බෑ කිව්වා නේද?? ඉතින් කොහොමද දැන් මේක Delete කරන්නේ???
හයියෝබයවෙන්න දෙයක් නෑ.මම කිවේ මේක සාමාන්‍ය ක්‍රමේට ඩිලීට් කරන්න බෑ කියලනේ.අර වගේමයි.හැබැයි මේක දන්නේ නැති කෙනෙකුට Delete කරන්න Rename කරන්න මුකුත්ම  බෑ.

  • cmd එක Close කරානම් ආයෙත් open කරගෙන  D: කියල type කරලා enter කරන්න.
  • දැන් rd lpt1\ කියල type කරලා enter කරන්න.(මෙහි lpt1 වෙනුවට ඔයා කලින් දුන්න නම දෙන්න)

දැන් ගිහින් බලන්න.Folder එක Delete වෙලා ඇති.කියල දුන්නු එක තේරුනාද දන්නෑ.මම හිතනවා තේරෙන්න ඇති කියලා.මේ කියල දුන්නු පියවර අනුගමනය කරොත් වරදින්නේ නෑ.මේක Windows xp,vista,7,8,8.1,10 යන ඕනෑම එකකට හරියනවා.
ඔන්න කරන විදිහ විතරක්ම නෙවෙයි මුලික සංකල්පයත් කියලා දුන්නා.හොඳයි කියල හිතෙනවනම් උදව්වක් වශයෙන් Share කරන්න.Comment කරන්න.ෆේස්බුක් පේජ් ඒකට like කරලා නැත්තම් මෙතනින් ගිහින් like කරන්න.ඒ වගේම මේ සම්බන්දව ගැටළුවක් තියෙනවනම් Comment කරන්න.ඒ වගේම අපේ Chat එකටත් සෙට් වෙන්ඩ මෙතනින්.අදහස්/යෝජනා/චෝදනා තියෙනවනම් ඒවත් කියන්න.ඕන එකක් සතුටින් බාරගන්නවා.

එහෙනම් මම අදට යනවා ජය වේවා!!

Delete/Rename කරන්න බැරි Folders හදමු.... Delete/Rename කරන්න බැරි Folders හදමු.... Reviewed by RDM Rajapakshe on 3:54:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.