Let's change the colour of the title bar on Windows 10 ( Windows10 වල Title Bar එකේ පාට වෙනස් කරමු.)


ඔන්න අද කියන්න යන්නේ අලුතෙන් ආපු වින්ඩෝස්10 වල title bar එකේ පාට වෙනස් කරන විදිහයි.ඔයාලට වෙන ක්‍රමයක් අහු උනාද දන්නෑ, මම නම් නිකන් වෙනස් කරන්න ගියා හරි ගියේ නැ.ඉතින් ඒ හින්ද මම ඒකට ක්‍රමයක් හොයාගත්තා.ඉතින් මම
හිතුවා ඒක ඔයාලටත් කියල දෙන්න.

      එහෙනම් අපි වැඩේට බහිමු.මුලින්ම මේ file එක බාගන්න.ඊටපස්සේ ඒක extract කරගන්න.                
            දැන් එතන Windows කියල ෆෝල්ඩර් එකකුයි ෆයිල් එකකුයි ඇති.ඒ දෙක කොපි කරන්න ඕනේ C:\Windows\Resources\Themes මේ පාත් එකේ තියෙන තැනට.


දැන් පෙන්නලා තියෙන Windows කියන ෆයිල් එක Double Click කරන්න.එතකොට මේ වගේ එකක් ආවොත්.....

Open click කරන්න.දැන් වැඩේ ඉවරයි.ඔයාට මේකේ පාට වෙනස් කරන්න ඕනේ නම් Desktop එකේ Right Click කරලා Personalise වලට ගිහින් ඒකෙ Colours යටතේ ඇති පාට තෝරන්න පුළුවන්.

එහෙනම් මම අදට යනවා ඔයාලට ගැටලු එහෙම තියෙනවනම් ප්‍රයෝජනවත් උනානම්  Comment කරන්න.යාලුවන්ටත් බලන්න share කරන්න.තවත් මේ වගේ දෙයක් අරන් එන බලාපොරොත්තුවෙන් මම ගියා එහෙනම්.ඔබට සුභ දවසක්.
Let's change the colour of the title bar on Windows 10 ( Windows10 වල Title Bar එකේ පාට වෙනස් කරමු.) Let's change the colour of the title bar on Windows 10 ( Windows10 වල Title Bar එකේ පාට වෙනස් කරමු.) Reviewed by RDM Rajapakshe on 12:08:00 PM Rating: 5

No comments:

Powered by Blogger.