Python Sinhalen | පයිතන් සිංහලෙන් #1

Python Sinhalen Lesson Series එකේ පලවෙනි කොටසට ඔබව සාධරයෙන් පිලි ගන්නවා. ඊයේ ලිපියෙන් අපි ආරම්භයක් වශයෙන් පයිතන් බාගත කරගැනීම හා install කර ගැනීම ගැන කතා කරා. එත් මට කියන්න අමතක උන
දෙයක් තියෙනවා. ඒ තමයි Android සඳහාත් Python IDE එකක් ඇති බව. මෙතනින් ගිහින් play store එකෙන්ම Download කරගන්න.
හරි මෙතනින් ඒ කතාව ඉවරයි. දැන් අපි ප්‍රධාන වැඩේ බලමු. ඒ කියන්නේ පයිතන් ක්‍රමලේඛ ලිවිම.
ඒකට python shell එක ඕපන් කරගන්න ඕනේ.
Start > Python 2.7 > IDLE (Python GUI)
(මම දැනට භාවිත කරන්නේ Python 2.7)


01) මුලින්ම කරන්න තියෙන්නේ Hello World කියල ප්‍රින්ට් කරන්න.

හරි ලේසියි. සරලයි

print("Hello World") 
මේ විදිහට තමයි අපිට මොකක් හරි දෙයක් ප්‍රින්ට් කරගන්න ඕනේ උනාම ප්‍රින්ට් කරගන්නේ.


02) සාමාන්‍ය ගණිත කර්ම 

එකතු කිරීම :   x + y
අඩු කිරීම :       x - y
ගුණ කිරීම :     x * y
බෙදීම :           x / y
බලය :            x ** y        හෝ     pow(x, y)


හරි ඔයාලත් මේ ටික කරලා බලන්න. මේවා ගැන මොකුත් විස්තර කරන්න දෙයක් නෑ.
**වැදගත් :
               2 / 4 වගේ එකක්, ඒ කියන්නේ දශම අගයක් උත්තරේ විදිහට එන එකක් කරලා බලන්න. එතකොට උත්තරේ විදිහට එන්නේ 0 . ඒකට හේතුව තමයි නිඛිල (පුර්ණ සංඛ්‍යා) බෙදුවාම පයිතන් වල පිළිතුර ලෙස ලබා දෙන්නෙත් නිඛිල විදිහටම වීම. 
එතකොට අපිට හරි උත්තරේ ගන්න නම් මේ ඉලක්කම් දෙකෙන් එකක් (හෝ දෙකම) දශම සහිතව ලියන්න ඕනේ.එතකොට මෙයා අපිට දශම සහිතව උත්තරේ ලබා දෙනවා.
උදා :-    2.0/4       හෝ    2/4.0       හෝ       2.0/4.0 

03) Variables (වේරියබල්ස්)

Variable එකක් කියන්නේ අපිට අවශ්‍ය දත්තයක් රඳවලා තියන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ RAM එකේ පොඩි කුටීරයක් හදලා අපේ දත්තය දාලා තියෙනවා වගේ වැඩක්.

එතකොට මේ Variable වර්ග කීපයක් තියෙනවා 

  • අකුරු වැනි දෑ ගබඩා කර ගැනීමට - String Variable
  • ඉලක්කම් Numbers 
              >  නිඛිල සඳහා (පුර්ණ සංඛ්‍යා) - Integer 
              >  දශම සහිත - Float
              >  Complex මෙහිදී අධ්‍යනය නොකෙරේ
              >  Long 
  • List
  • Tuple
  • Dictionary 
List, Tupple, Dictionary පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරනු ලැබේ
**වැදගත්:
මේ වෙරියබල් එකක් නම් කිරීමේදී මුල් අකුරට ඉලක්කමක් දීමට අවසර නෑ. "_" , කැපිටල් අකුරු භාවිත කල හැක.

Python වල සරල බව හොඳටම පේන අවස්ථාවක් තමයි Variable සැදීම.

n = 2 ලෙස ලිවීමෙන් අපිට පුළුවන් n ලෙස Variable එකක් හදාගෙන එය තුලට 2 නමැති නිඛිලය ලබා දීමට.
Java / VB.Net වගේ භාෂා වල වෙරියබල් එකක් හැදීමේදී එහි ආකාරය String ද Integer ද Float ද යන වග දැක්විය යුතුයි. නමුත් Python වල එයට ඇතුල් කර ඇති දත්තයේ type එක variable එකේ type එක ලෙස ගන්නවා.
උදා:   n = 4       <--------- n හි Type එක int   (integer)
          p = "4"    <--------- p හි Type එක Str (string)
          x = 5.4    <--------- x හි Type එක Float


ඔයාලට variable එකක type එක බලාගන්න පුළුවන් 
                        type(variable_name)
variable_name එකට ඔයාගේ වෙරියබල් එකේ නම දෙන්න

වෙරියබල් එකට දත්ත ඇතුලත් කරන විදිහ දන්නවනේ. අපි ඉස්සල්ල ලිව්ව විදිහට සමාන කරන්න තියෙන්නේ. ( x = 1)

04) Keyboard input එකක් ගැනීම.

අපිට program එක ලියන විට (Coding කරන විට) නොදන්නා දත්තයක් ඒ  කියන්නේ ප්‍රෝග්‍රෑම් එක Run කරද්දී යම් කිසි දත්තයක් ලබා ගැනීමට අවශ්‍ය විට,
number1 = input("Enter Your Age : ")

මෙහි number1 කියන්නේ ඉස්සල්ලා හැදුවා වගේ variable එකක් (මේ වෙනුවට ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. හැබැයි variable name හදන නීති වලට අවනතව)
"Enter Your Age : "  කියන්නේ Program එක Run වෙද්දී අපිට පෙනෙන දේ. මේකත් ඔයාලට ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන්.

මෙම සම්පුර්ණ ඛේතයෙන් සිද්ද වෙන්නේ Keyboard එකෙන් Enter කරන ඉලක්කම ඉහත variable එකට ඇතුල් වෙන එක.

මං හිතනවා අද කියලා දුන්න දේවල් ඔයාලට තේරෙන්න ඇති කියලා. මොනවා හරි ගැටළු තියේ නම් Comment එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහසුත් Comment කරගෙන යන්න. එතකොට තමයි මට මේ කරන දෙයින් ඔයාලට ප්‍රයෝජනයක් තියෙනවා කියල දැනගන්න පුළුවන් වෙන්නේ. අත කඩාගෙන Type කරපු එකට හරියන්නත් එක්ක Share පාරක් දීල සහයෝගය ලබා දෙන්න.
එහෙනම් ඊ ළඟ පාඩම ඉක්මනටම ගේනවා....
Python Sinhalen by RDM Rajapakshe
Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Forum එක හා සම්බන්ද වී ඔබේ ගැටළු වලට විසඳුම් ලබාගන්න - CS IT Forum
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Python Sinhalen | පයිතන් සිංහලෙන් #1 Python Sinhalen | පයිතන් සිංහලෙන් #1 Reviewed by RDM Rajapakshe on 8:00:00 PM Rating: 5

1 comment:

  1. Complex ගැන එහෙම මේ මට්ටමේදී කතා වෙන් නෑනේ.මොකද එවේ තාත්වික කොටසක් වගේම අතාත්වික කොටසකුත් තියෙනවා.

    ReplyDelete

Powered by Blogger.