Kanchayudha Game එක ලංකාවේ අයට නොමිලේ දෙන්න තීරණය කරලා

ඔන්න හුඟ දෙනෙක් බලාගෙන හිටිය Kanchayudha Game එක නිකුත් වුනා. අවුරුදු පහක ප්‍රතිඵල වශයෙන් ඉතාමත් උසස් මට්ටමෙන් නිර්මාණය කරලා තියෙනවා. මෙ වන විට මෙ සඳහා චිත්‍රපටයක්
නිර්මාණය සඳහා වන මුදලක් පමණ වැය කර තිබෙනවා. නමුත් මෙ මාස කීපය තුල Facebook පණිවුඩ 20,000 කට අධික ප්‍රමාණයක් මගින් ලංකාවේ ක්‍රීඩා ලෝලීන් පවසා ඇත්තේ ගේම් එක ලබා ගැනීමට මුදල් අපහසුතා ඇති බවයි. ඒ නිසා මුදල් වලට ලබා දීමට නියමිත වූ ගේම් එක Arimac ආයතනය විසින් ලංකාවේ අපිට නොමිලේ දෙන්න තීරණය කරලා තියෙනවා.මිට ටික වෙලාවකට කලින් ඔවුන් නිල ෆේස්බුක් පිටුවෙන් ඒ බව දැනුම් දුන්නා. 

       අවුරුදු 5 ක මහන්සිය හා ඒ සඳහා වැය කර ඇති මුදල් වෙනුවෙන් හැකියාවක් ඇති හැම කෙනෙක්ම  හැකි මුදලක් ගෙවා ලබා ගන්න.මෙය තවත් වැඩිදියුණු  කරන්න ඔවුන්ට ලොකු ශක්තියක් වෙයි. *(නොමිලේ දුන්නා කියලා හැමෝම නොමිලේම Download කරන්නත් එපා)

මෙන්න ඒ හා සබැඳි වීඩියෝව

         මෙතනින් නොනැවතී ඔවුන්ට ලැබී ඇති ඉල්ලීම් මත ඔවුන් මෙම පරිගණක ක්‍රීඩාව වෙනත් භාෂා වලට පරිවර්තනය කිරීමට සුදානම්ව සිටිනවා. දැනට රටවල් පහකින් ඔවුන්ට මෙ ඉල්ලීම සිදු කර ඇත. ලංකාවේ නිමවුණු පරිගණක ක්‍රීඩාවක් ජාත්‍යන්තරයට යන එක ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාලගේ අදහස් පහලින් දාගෙන යන්න.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Kanchayudha Game එක ලංකාවේ අයට නොමිලේ දෙන්න තීරණය කරලා Kanchayudha Game එක ලංකාවේ අයට නොමිලේ දෙන්න තීරණය කරලා Reviewed by RDM Rajapakshe on 7:51:00 AM Rating: 5

1 comment:

Powered by Blogger.