Python Sinhalen | පයිතන් සිංහලෙන් #5 - Python for loop Statements

ඔන්න අවා අපේ Python Sinhalen lesson series එකේ තවත් වැදගත් පාඩමක් අරගෙන. අද කතා කරන්නෙ for loop ගැන.මුලින්ම loop එකක් කියන එක හඳුන්වන්න මං ඔයාලට පොඩි flow chart එකක් පෙන්නන්නම්.

මේ flow chart එකේ රතු පාට ඊ තල වලින් වර්ණ ගන්වලා තියෙන්නේ loop එක. loop එකක් කියන්නේ නැවත නැවත සිදු වීමකට. සිංහලෙන් පුනර්කරණය කියල තමයි කියන්නේ. 

Python වල තියෙන එක loop වර්ගයක් තමයි for loop කියන්නේ.

අපි උදාහරණයකට ගිහින් තේරුම් ගමු for loop මොන වගේද කියලා.
1) 0 සිට 9 දක්වා ඉලක්කම් print කරගැනීමට අවශ්‍ය යයි සිතමු.
        
                          for num in range(1, 10):
                                   print(num)
.......................
ප්‍රතිඵලය

1
2
3
4
5
6
7
8
9
.......................
මේක තමයි ඉහත උදාහරණයට අදාළ ඛේතය වන්නේ. අපි එකින් එක බලමු මේක විග්‍රහ කරලා.. (කලින් පාඩම් බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒවා බලන්න)

for loop එකක සැකිල්ල මේ වගේ.

for           in           (      ):

num කියලා දීලා තියෙන්නේ variable එකක් (අපි මීට කලින් ඔය ගැන කතා කරා). මේ සඳහා ඔයාට කැමති variable name එකක් දෙන්න පුළුවන්. මේ variable එකට loop එකේ පළමු වටයේදී num = 1 , දෙවන වටයේදී num = 2 ,..... ආදී වශයෙන් අගයන් ආදේශ වෙනවා.

එතකොට range කියන්නේ පරාසයක් ලබා දෙද්දී භාවිත කරන පදය

1, 10  න් වෙන්නේ num කියන variable එකේ range එක 1 සිට 10 දක්වා ( 10 හැර ) කියන එක. ඒකත් අපිට ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන්, 1 සහ 10 වෙනුවට වෙනත් සංඛ්‍යා ලබා දීමෙන්. එතකොට වෙනත් සංඛ්‍යා print කරගන්න පුළුවන්.

මේ විදිහට (1, 10) දුන්නම 1 සිට 10 දක්වා එක බැගින් වැඩි වේවි තමයි යන්නේ. අපිට ඕනේ නම් දෙකෙන් දෙකට වැඩි වෙවේවි යන්න හදන්න මේ විදිහට (1,10, 2) දුන්නම හරි. එතකොට වෙන්නේ 1 සිට 10 ට දෙකෙන් දෙකට ගමන් කිරීමයි.

                 for n in range(1,10,2):
                  print(n)
.......................
ප්‍රතිඵලය

1
3
5
7
9
.......................
අපිට ඕනේ නම් 10 සිට 1 දක්වා print කරන්න (10,1 , -1) දුන්නම හරි. එතකොට වෙන්නේ 10 සිට 1 දක්වා (-1) එක බැගින් වැඩි වේවී යාමයි.
.......................
ප්‍රතිඵලය

10
9
8
7
6
5
4
3
2
.......................
මේ විතරක් නෙවෙයි අපිට වචනයක අකුරු උනත් වෙන වෙනම print කරගන්න පුළුවන්
           for letter in ('computersoft.pw') :
                       print(letter)
.......................
ප්‍රතිඵලය

c
o
m
p
u
t
e
r
s
o
f
t
.
p
w        
.......................
මේකෙදි සිද්ධ වෙන්නේ 'computersoft.pw' යන string එකේ index ටික පිළිවෙලට print වීම (index පිළිබඳව කලින් පාඩමක කතා කළා)

දැන් බලමු අපි එදා හදපු list කොහොමද for loop වලට භාවිත කරන්නේ කියලා.
උදා :- 
            fruits = ['banana', 'apple',  'mango']
            for index in range(len(fruits)):
                         print(index)

.......................
ප්‍රතිඵලය
0
1
2
.......................

len කියන එකෙන් length එක python වලදී නිරුපනය කරයි. මෙහිදී len(fruits) = 3 වේ. 

තව අපි ඉදිරි පාඩම් වලදී හා අභාස වලදී තව දුරටත් මේ ගැන ඉගෙනගමු.
එහෙනම් share කරලා සප් එකක් දෙන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Python Sinhalen | පයිතන් සිංහලෙන් #5 - Python for loop Statements Python Sinhalen | පයිතන් සිංහලෙන් #5 - Python for loop Statements Reviewed by RDM Rajapakshe on 4:30:00 PM Rating: 5

No comments:

Powered by Blogger.