ඩෙංගු සහ සිකා මර්ධනයට ලංකාවෙන් සුපිරි app එකක් - Veta

ඩෙංගු සහ Zika මර්ධනයට නියම app එකක් ලංකාවෙන් නියම app එකක් නිර්මාණය කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ 2016 පරීක්ෂණ වාර්තා වලට අනුව මෙම වසරේ පමණක් 43,000 කට අධික පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී
තිබෙනවා. ඒ වගේම මේ දින වල සිකා වෛරසය පිළිබඳවත් පොඩි කතා බහක් තිබෙනවා. තාමත් ලංකාවේ අය ඒ ගැන දැනුවත් නෑ. 
සීකා වෛරසය ඩෙංගු තරම් දරුණු නැති උනත් සීකා වෛරසය වැළඳුණු කාන්තාවකට ලැබෙන දරුවාට ලොකු අහිතකර බලපෑම් තියෙනවා. 
එම දරුවාගේ හිස කුඩා වට පිහිටීම නිසා මොලය හරියාකාරව නොවැඩේ. ඒ වගේම ඇස් නොපෙනීම, කන් නොඇසීම වැනි ශාරීරික දුබලතා වලට ගොදුරු වෙනවා.

මං ඔය ඩෙංගු සහ සීකා වෛරසය ගැන පොඩි හැඳින්වීමක් කරේ ඔයාලට මෙහි ඇති භයානක කම පිළිබඳව දැනුවත් කරන්න. දැන් අපි බලමු මේ app එක පිළිබඳව.

ඩෙංගු ආසාධනය වී ඇති ප්‍රදේශ පිළිබඳව ලංකාවේ සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නෑ. අපි හිතමු දවස් කීපයක චාරිකාවක් යනවා කියලා. ඉතින් ඒ යන ප්‍රදේශයේ මෙවැනි ඩෙංගු තර්ජනයකට ලක් ප්‍රදේශයක් වෙන්න පුළුවන්. නමුත් කලින් ඒ ගැන හොයලා බලන්නේ නෑනේ. 
ඒ වගේම අප වැඩිපුරම ගැවසෙන ප්‍රදේශ වලත් එවැනි ආසාදනයට ලක් පුද්ගලයන් ඉන්නවද කියලා හරියටම දන්නේ නෑ. 
ඉතින් අපිට ලොකු අවධානමක් තියෙනවා. මේ app එකෙන් පුළුවන් ඩෙංගු පැතිරී ඇති ප්‍රදේශ අනිත් අයට දැනුම් දෙන්න. ඒ කියන්නේ notification එකක් මගින් තමන් සිටින ප්‍රදේශයට ආසන්න යේ ප්‍රදේශයක රෝගය ප්‍රචාරණය වුනාද කියන එක දන්වනවා. ඔයාලට පුළුවන් කිලෝ මීටර කියක් තුල දත්ත අවශ්‍යද යන්න තේරීමට. 
ඔබේ ප්‍රදේශයේ කාට හරි රෝගය වැළඳිලා තියෙනවා නම් ඔයාටම පුළුවන් එහි ඇති map එකේ ප්‍රදේශය සිලෙක්ට් කරලා රිපෝර්ට් කරන්න.
තව ඔයා වැඩි පුර සිටින ප්‍රදේශ එයට ලබා දෙන්න. එතකොට එම ප්‍රදේශ ආශ්‍රිතව ඩෙංගු සීකා ආසාධන ඇත්නම් ඔබට දන්වනවා. 
ඔබ යාමට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රදෙහ්ස්යක් ඇත්නම් එහි තත්වය සොයා බැලීමට මෙමගින් හැකි වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අයටත් මෙමගින් ඩෙංගු ආසාධිත පළාත් පිළිබඳව දත්ත ලබා ගැනීමට හැකියි. ඔවුනුත් මෙම app එකට හොඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහි වෛද්‍ය වරුන්ට මෙම දත්ත ලබා ගැනීමට අවස්තාව තිබෙනවා.
එහෙනම් බලමු කොහොමද මේක Download කරන්නේ කියලා. මෙතනින් ගිහින් Android හෝ iOS සඳහා වන සංස්කරණ භාගත කරගත හැකියි.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
ඩෙංගු සහ සිකා මර්ධනයට ලංකාවෙන් සුපිරි app එකක් - Veta ඩෙංගු සහ සිකා මර්ධනයට ලංකාවෙන් සුපිරි app එකක් - Veta Reviewed by RDM Rajapakshe on 9:27:00 PM Rating: 5

1 comment:

  1. The Casinos with Slot machines and payouts - Dr.MCD
    The casinos with Slot machines and payouts. 출장안마 The 양산 출장샵 payouts are based on 고양 출장마사지 the slot machine you hit at a casino and 서산 출장샵 your 울산광역 출장마사지 opponent is not that lucky.

    ReplyDelete

Powered by Blogger.