Mark Zuckerberg ගේ Password හැක් වෙයි

Facebook එකේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කියන්නේ IT ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක්.ඒත් මෙයාගේ Twitter සහ pinterest Account Hack වෙලා තියෙනවා.2012 වසරේ Linkedin Database Hack කරලා මිලියන 117
දෙනෙක්ගේ Username, Password අන්තර්ජාලයට මුදා හැරියා.අදටත් හැකර්ස්ල මේවා අධ්‍යනය කරමින් සිටිනවා.එයාලට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා Mark Zuckerberg ගේ යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක.

       ඉතින් එයාලා එතනින් නැවතුනේ නෑ.මේ Username, Password twitter සහ pinterest වල ටෙස්ට් කරලා තියෙනවා.කොහොමෙන් කොහොම හරි මේ යුසර් නේම්, පාස්වර්ඩ් ගැලපිලා තියෙනවා.
        
වැදගත්ම දේ තමයි password එක ලෙස යොදාගෙන තියෙන්නේ මොකද්ද කියන එක.ඒ තමයි "DaDaDa"


ඔයාලට හිතාගන්න පුලුවන්ද මේ වගේ චරිතයක් ඔය වගේ password එකක් පාවිච්චි කරයි කියලා.අනික Account කීපයකටම එකම password එකක් පාවිච්චි කරයි කියලා.
අපි බලමු Password එකක් Hack කරන්න අමාරු වෙන්නෙ කොච්චර දිග password වෙන්න ඕනෙද කියලා...

◙ length: 4, complexity: a-z

--> less than 1 second
◙ length: 4, complexity: a-zA-Z0-9 + symbols--> 4.8 seconds
◙ length: 5, complexity: a-zA-Z--> 25 seconds
◙ length: 6, complexity: a-zA-Z0-9--> 1 hour
◙ length: 6, complexity: a-zA-Z0-9 + symbols--> 11 hours
◙ length: 7, complexity: a-zA-Z0-9 + symbols--> 6 weeks
◙ length: 8, complexity: a-zA-Z0-9--> 5 months
◙ length: 8, complexity: a-zA-Z0-9 + symbols--> 10 years
◙ length: 9, complexity: a-zA-Z0-9 + symbols--> 1000 years
◙ length: 10, complexity: a-zA-Z0-9--> 1700 years
◙ length: 10, complexity: a-zA-Z0-9 + symbols--> 91800 years

ඉස්සර අවමය Characters 6 පාවිච්චි කරත් දැන් Characters 12 password පවා පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා.ඒ වගේම ඔයාල password හදද්දී Simple Characters, Capital Characters, Numbers, Special Characters පාවිච්චි කරන්න.

දැන් එහෙනම් Mark Zuckerberg ටත් පෙන්න මේක Share කරන්න.Hikz :D 
ඔයාලගේ අදහසුත් පහලින් Comment කරගෙන යන්න.[ කැමතිනම්  password එහෙමත් comment කරගෙන ගියාට කමක් නෑ hikz ]


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Mark+Zuckerberg+ge+password+hack+wei , , Srong+password+sinhalen, Sinhalen+Hacking
Mark Zuckerberg ගේ Password හැක් වෙයි Mark Zuckerberg ගේ Password හැක් වෙයි Reviewed by RDM Rajapakshe on 5:24:00 PM Rating: 5

No comments:

Powered by Blogger.